පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ”ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ඉන්දීය ජාතික කළමණාකාරවරයාට සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ මාතලේ මහාධීකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා රුපියල් කෝටි 8 1/2ක දඩයක්ද අද (25) පැණවීය.
පැමිණිලිකාර උපුල් තරංග මහතාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවීමටද නියම කළ විනිසුරුවරයා මේ වන විට රටින් පළාගොස් සැඟවී සිටින විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තුද නිකුත් කළේය.
ක්‍රිඩා දුෂණ වැලැක්විමේ පනත යටතේ දකුණු ආසියාවෙන්ම පවරන ලද මුල්ම නඩුව වන මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් මීට වසර 11කට පෙර කළ වරදට මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ඇප ගැනීමෙන් අනතුරුව හොර රහසේ රටින් පළාගොස් සැඟව සිටින ඉන්දියාවේ ‘කෑන්ඩි සෑම් ආමි’ කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල් නමැත්තාටය.
2024 මාර්තු 08 වැනිදාත් 19 වැනිදාත් අතර කාලයේ මහනුවරදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ”ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ලෙජන්ට් ක්‍රිඩක උපුල් තරංග වරුෂවිතාන මහතාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරු අදාළ චෝදනාවන්ට වරදකරු බවට තීන්දු කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනයය කරමින් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ උදාර කරුණාතිලක මහතා කරුණු දක්වමින් මුදලට තරග පාවා දීම ක්‍රීඩාවේ ජීවගුණයට හානි කරන හෙයින් ඊට එරෙහිව දකුණු ආසියාවෙන්ම පවරන ලද මුල්ම නඩුව වන මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරු වරදකරු කර ඇතැයි කීය.
මහත්වරුන්ගේ ක්‍රීඩාව වශයෙන් නම් කර ඇති ක්‍රිකට් තරඟයකදී විත්තිකරු මෙම අපරාධය කර ඇති බව නඩුවේ ඉදිරිපත් වු සාක්කි වලින් හෙළි වී ඇති හෙයින් මෙවැනි වැරදි කිරීමට සිටින අනකුත් අයටද පාඩමක් වන අන්දමින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් ක`ථගම්පිටිය මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ඇප ලැබුණු පසු තම සේවාදායකයාගේ ජීවීතයට එල්ල වු තර්ජන හේතූවෙන් ඔහු රටින් පිටව ගියත් කිසිඳු අවස්ථාවක මෙම නඩුවේ කටයුතු වලට බාධා කළේ නැතැයි කීය.
විදේශ රටක සිටියත් ඔහු නීතීඥවරයකු මඟින් කරුණු ඉදිරිපත් කරමින් නඩුව සඳහා කරුණු ඉදිරිපත් කරමින් නඩුව පවත්වාගෙන යෑමට සහය දී ඇතැයි පෙන්වා දුන් නීතීඥ මහේෂ් ක`ථගම්පිටිය මහතා තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලු බැලලීමෙන් අනතුරුව විත්තිකරුට අදාළ දඬුවම් නියම විනිසුරුවරයා ඔහු අත්අඩංගුවටට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනයය කරමින් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටියේය.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පෙලිස් පරීක්ෂක සුපුල් විදානගේ මහතා පැමිණිල්ලට සහය දැක්වීය. විත්තිකරු වෙනුවෙන් නීතීඥ මහේෂ් ක`ථගම්පිටිය මහතා පෙනී සිටියේය.
සචිත්ර ගුණසේකර